"මෙ වෙලාවේ මගේ මිත්‍ර ෂර්ලොක් හදිසි රාජකාරියක ඉන්නෙ ඉතින් එයා සතිගානක් බෙකර් විදියට නො ඇවිත් හිටියත් මම එකෙන් පුදුම වෙන්නෙ නෑ.
මම වෛද්‍ය වෘතිකයෙක් මිසක් රහස් පරික්ෂකයෙක් වත්, එහෙම නැත්නම් උපදෙෂකයෙක් වත් නෙවෙයි. හොම්ස් ලබා ඇති අද්දැකිම් වලින් අඩකට ආසන්න
ගානක් මම සතු බව ඇත්ත. එත් එක මෙ වගේ දෙයකට සාධාරණ නැ කියල ඔබ තුමියට අමුතුවෙන් කියන්න ඔනේ නැ කියලා මම විශ්වාස කරනවා.
ඔබතුමියට මේක නිසියාකාරව විසදාගැනිමට අවැසි නම්,
හොම්ස්ගේ හිත මිත්‍රයන් ඔනෑ තරම් ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියෙන් හොයාගත හැකි වෙවි. සමහර විට ලොස්ට්‍රෙඩ් වගේ පරික්ෂකවරයකු ලව්වා ඔබ තුමියට මෙය කරවා ගත හැකි වෙවි.
මැය මාඟේ කතාවට ඇහුන්කම් නොදෙන බවක් මට දිස් වුණි, එනම් ඇය ජනෙල් කවුලුව තුලින් එපිට බලා සිටියෙ ය. සියල්ල නිහඩ වුණි....මදකින් ඇය ඒ නිහඬියාව බින්දෙය
"වොට්සන් මහත්මයෝ, අපිට ඔනෑ තරම් මුදල් තියනවා මෙ පරික්ෂණය අපි ලොකු මුදලක් ගෙවලා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියටම තමයි බාර දුන්නෙ.
එත් එකෙන් මෙච්චර කාලෙකට කිසිම පළක් වුනේ නෑ.. දැන් මට මෙක ඇති වෙලා තියෙන්නෙ. මට ඉකමණටම තිරනයක් ඔනේ.
හොම්ස් මහත්මයාට මෙක ඇත්තටම කරන්න බැරි වෙයිද?"
"බොහොදුරට එක එහෙම තමයි." නැවතත් නිහැඩියාවක් ඇති වුයේය.
සැනසුම් සුසුමක් හෙළු ඇය, පිට විමට සැරසුණි. ඇයගේ මුහුණේන් පළවු සියල්ල ගෙන්ම පිලිඹිබු වුයේ ඇයගේ බලාපොරොත්තු කඬවිමයි.
මම ඉන්දියාවෙ සිටි එක් රැයක සියළු බටයන් මා දමා ගොස් සිටියේය. මම දින තුනක් එක දිගට කැමක් නැතුව අවියක් නැතුව සතුරු කෑලයක් තුල අතරමන් වී සිටියේය.
ඒ දිනයන් හීදී මම මගේ ජිවිතයට තිබු ආශාවන් අතහැර සිටියේය. මගේ තිබුණු ඒ බලා පොරොත්තු කඩ විම. අද මම නැවත් දකින්නෙ මැයගේ ඒ අලංඅකාර මුහුණෙන්ය.
දෙවියනේ මම මොනවා කරන්නද? පීරිමියෙක් වෙච්ච මා එය කෑ ගහමින් පොලවෙ පස් කමින් උසුලාගෙන සිටියට එවැන්නක් මෑ කෙසෙ උහුලන්නද?
"හව්සි මෙනවිය, ඔබ කැමති නම් ඔබේ කතාව මට කියලා යන්න. ඔබේ දුක මාත් එක්ක බෙදාගන්න. මගෙන් එකට කිසි බාදාවක් නෑ."
"නැ වොට්සන් මහත්මයෝ, මම යන්නම්. මෙ මොඩ කෙල්ලගේ මොඩ කතාව අහගෙන ඉන්නවට වැඩිය හොදයි ඔබ තුමා ඔබගේ දෛනික වැඩක් කරගත්තොත්.
මම යන්නම්..."
"මෙනවිය....?! මට දැන් කර්න්න දෙයක් ඉතුරු වී නෑ, මගේ වෘතියෙන් මට දැන් ජිවත් වෙන්න බෑ. එක සම්පුර්ණයෙන්ම ඇද වැටිලා තියෙන්නෙ,
නව විද්‍යාව හා තරුණ වෘතිකයන් ලඟටයි දැන් බොහො රොගින් යන්නේ. ඉතින් මම කල් ගෙවන්නෙ සාන්කාවෙන් ඔබේ කාතාව මට කියන්න ඔබේ අකමැත්තක් නැත්නම්..."
හොම්ස්ගේ කුඩා පිහිය ඔහු යොදාගත්තෙ 'හැම් සකින්ගේ' පින්තුරය බිත්තියේ එල්ලිමටයි. එය ඔහු ගිණි උදුණට ඉහලින් එල්ලා තිබුණි. එය සකින්ගේ නළල පාසාරු
කරගෙන යන තෙක් ඇණි තිබුණි. මැය මෙ දෙස බොහො වෙලාවක් බලා සිටියේය.
සැනසුම් සුසුමක් හෙළු හව්සි මෙනවිය, නැවත් හාන්සි පුටුවට බැර විය. නැවතත් සුසුමක් හෙලු ඇය මා දෙස වරක් බලා බිම බලාගත්තේය.
ඇය කෙලින්ම ඇයගේ දිර්ග කතාව කියන්න පටන්ගත්තේය.

0 comments(පුරොකතනය) :
Post a Comment