Home » » [ පෙමක මහිමය ] - සයවන කොටස

[ පෙමක මහිමය ] - සයවන කොටස


"හව්සි මෙනවිය.."

"හොම්ස් මහත්මයා මම හිතුවේ නෑ..... කියු හව්සි ගේ වචන හිරවිය.
මට තරු විසි වුයේ එවිටය ගොනාසේ මා එ කියුදේවල්" දෙවියනේ! මටම කියවුණි.

"කියන්න හොම්ස් මහත්තයා ඔබ මා ගැන වෙන මොනවද දන්නේ ? මම සැනසුම් සුසුමක් හෙළුවේ ඉන් පසුය.

"හව්සි මෙනවිය මා හොම්ස් නොවේයි මම වොට්සන් "

"මොකක්?' වොට්සන් මහත්මයා එත් ඔබ ලියලා තිබුණේ ඔබට නිරික්ෂණ හැකියාව අන්තිමයි කියලානේ "එත් එත් ඔබ....

"ඔව් එක එහෙම තමයි දැන් වෙච්ච දෙය හරි පුදුමාකාරයි. ඔබමද පත්තරෙටත් ලියන්නේ. දෙවියනේ එක හරි පුදුමාකාරයි. මම ඉයේ මෙහෙ එන්න හැදුවේ නොත්හැම්ප්ටන් වල මගේ හිතවතියකගේ ගෙදර නැවති ඉදලා අද උදේ තමයි ආවේ."

"ඒක නිසා ඔබට පළමු පංතියේ එන්න බැරිවුණා. ඔබ මෙ පාර නම්, කෙලින්ම ඔබේ ගමට යන්න බලාපොරොත්තු වෙනවා. හිතවතියගේ ගෙදර නොගොස්, එහෙම නෙද?"

"මොනවා! වොට්සන් මහත්මයා."

"ඔබ හොම්ස් මහත්මයා අභිබවා ගිහින් වගේ එහෙනම්," දුම් ගුලියක් ඉහලට පිටකල මා උජාරුවෙන් ඇය දෙස බැළුවේය.

" ඉතිං, කියන්න හව්සි මෙනවිය. මුදල් කොතරම් තිබුණත් ප්‍රශ්ණ කාටද නැත්තේ ? "ඔබ තුමියට මාකොනි ස්වොක් හමු වුනේ නැ එහෙනම්"

"දෙවියන්ට ඔප්පුවෙච්චාවේ! දිග හැරුණු දුන්නක් මෙන් ඇ හිටගැස්සුණේ එවිටයි.

"වොට්සන් මහත්මයා...ඇය කියන්න ගිය දෙය අවසාන කලේ තේ කොප්පය බිම දමමිණි.

"කලබල වෙන්න එපා මෙනවිය ඉදගන්න! එක ගැන මම බලාගන්නම්"
නැවත හසුන්ගත් ඇය මා දෙස බලා සිටියේ ඉන්ද්‍රජාලියෙකු දෙස බලා සිටි අසරන වැහිලිහිණියකු මේනි. එවර නම් මට සිනහව වාවගත නොහැකි විය.

"අනේ මන්ද මම හිත්න්නේ බොවෙන ලෙඩක් වගේ හොම්ස්ගේ හැකියාවන් ඔබටත් බොවිලා වත්ද ?

ඩෙලි ග්‍රෆ්ට් පත්‍රයට පිං සිද්ද වෙන්න මම යන්තම් හොද උපකල්පණයක් විචාලේය.

"මට කියන්න වොට්ස්න් මහත්මයා ඔබ කොහොමද ? 'මාකොනිගේ නම දැනගත්තේ'
මම හිතන්නේ ඔබ ඩෙලි ග්‍රෆ්ට් පත්‍රය කියවන්න ඇති එහෙම නේද ?

"ඔව් හව්සි මෙනවිය ඔබේ අතුරුදහන් වු පෙම්වතා ගැන මම කිව්වේ, එකෙන් නම දැක්ක නිසා තමයි." කියමින් මම සෙමින් ඇය දෙසට හැරුණි.
ඇයගේ මුහුණ ලැජ්ජාවේන් රතුවී ගිය අයුරු මා හොදින් නිරික්ෂණය කලේය. මගේ ප්‍රකාශයේ තියුණු බව වැඩි කිරිමට මම එදෙසම බලා සිටියේය.
නැවත මා දෙසට හැරුණු ඇය බලෙන් මෙන් සිනහවක් තොලඟට ගෙන ..

"වොට්සන් මහත්මයා ඔබ කිව්වත් වගේ ඔබ තාම නිරික්ෂණයේහි ලාබලයේක්"

ඇයට වඩා මගේ මුහුණ රතු වෙන්නට ඇත. මට බලා ගැනිමට දිහවකුත් නැත. මා ප්‍රකාෂ කල වදන් නැවත ගැනිමටද නොහැක. කිසි දිනක නොවු විරූ ලෙස මා දැඩි අපහසු තාවයකට පත් විය.

0 comments(පුරොකතනය) :

Post a Comment

[ පෙමක මහිමය ]

 
Copyright © 2014. Sherlock - සියළුම හිමිකම් ඇවිරිණි | 4t ප්‍රකාශණ| මෙම ප්‍රකාශණය නොමිලෙ බෙදාහැරි අතර උපැටාගැනිමක් කිරිමට තරම් අකාරුණික නොවන්න| තුසිත තියුෂාන්ගේ බෙදාහැරීමකි!