Home » » [ පෙමක මහිමය ] - පළමු කොටස

[ පෙමක මහිමය ] - පළමු කොටස



            මෙය සීත සෘතුව ලාගා වෙමින් තිබුණු කාලයක් වන අතර ලන්ඩනයේ සියලු දෙනාම නත්තලට සුදානම් වෙමින් සිටියේය. සිසිල් ව නැගුනු මද සුළඟ කව්ලු තුලින් යාන්තමට අප කාමරයට පැමිණියේය. අනිවාර්යයෙන්ම මෙය නම් අපරාධ කරුවකුට කියා වෙනසක් කරන්නේ නම් නැත.
මේ දින කිහිපය කොතරම් සීතල වුවත් හෝම්ස්ට නම් එය ගණනක්වත් නොවිය. ඒ ඔහුට මෙය එතරම් නිදහස් කාලයක් නොවුණු හෙයිනි. 1898 යනු හෝම්ස්ට ඉතා රහසිගත පරික්ෂණ රාශියක් ලැබුණු කාල සිමාවකි.
................................................................................

මාස ගනනාවක් පුරා එක දිගටම රෝගින්ට ප්‍රතිකාර කර විඩාවට පත්ව සිටි මා, මගෙන් ප්‍රතිකාර ගැනිමට පැමිණෙන රෝගින්වද මාගේ මිත්‍රයාට පවරා නිවාඩුවක් ගතකිරිමට සිතාගත්තෙමි. මීට ටික දිනකට පෙර මාගේ බිරිද වන මේරිද, ක්වින්ස් විදිය අතහැර ඇගේ මිත්තනියගේ නිවසට ගියේය. ඒ නිසා මට යාමට ඇත්තේ මාගේ එකම ගැලවුම්කරු වන ෂර්ලෝක් හෝම්ස් ලඟටය. එහි කිසිම නිදහසක් නැති වුවත් ඔහුගේ වැඩ වලින් මම සැහෙන තරම් තෘප්තියක් ලැබුවේය.
     තරමක සීත කාලයක් වුවත්, විදිවල මිනිසුන්ගේන් කිසි අඩුවක් නොවුණි. බේකර් විදියට ඒමට මට බොහෝ වෙලාවක් ගතවුණි. අනෙක් විදිවලට බේකර් විදිය දෙවනි නොවුනේ මෙහිද සැහෙන තරම් ජනගහනයක් වු හෙයිනි. බේකර් විදියට පැමිනි මා රියදුරාට

පැන්සයක් දුනි, පෙරළා ආචාර කල ඔහු සෙමෙන් පිටවි ගියේය. '221 B, මා මද වෙලාවක් එතන රැදිසිටින්නට ඇත. ශබ්දයක් නොනැගෙන ලෙස තරප්පුපෙළ නැග මා සෙමින් දොර අරිමින් කාමරයට ඇතුලු විය. සුපුරුදු පරිදි හෝම්ස් හාන්සිපුටුවේ දිගාවි කකුල් දෙක ගිනි උදුන දෙසට දිගුකරගෙන සිටියේය. ඔහුට වම් පසින් විශාල පුවත්පත් රැසකි. වැහිකාබය ගලවා ඉවත් කර දැමූ මා, හෝම්ස් අසලට ගියේය.
මහත් පුදුමයකි! හෝම්ස් අවේලාවේ නිදාගන්නේ බොහොම කලාතුරකිනි. හොම්ස්ගේ පයිපයද අසල නොවිය. එනිසා මොහු සත්තකින්ම ගැඹුරු නින්දක බව නම් නො-අනුමානය. ඔහුට බාදා නොකර මා එතනින් ඉවත් විය.
      මෙසය මත විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය රැසක් විය. බොහෝ එවා මම කිසි දිනක දැක නැති ආකාරයේ එවා විය. එකවරම මා තිගැස්සි ගියේය. කවුරුන් හෝ මගේ පිටට තට්ටු කරණු දැනිණි. උඩ විසි වි හැරි බැළු මට දැකගත හැකි වුයේ හෝම්ස් ම දෙස බලා සිටන අයුරුය.
ඔහුගේ දෑස් දිප්තියෙන් බැබලුණු දුටු මා මහත් ප්‍රිතියට පත්විය. නැවතත් ඔහු මා පිටට තට්ටු කරමින්,

      "ෂා....වොට්සන්, මම හිතන්නේ අපි හමු වුනේ මාස දෙකකින්, 'ඔයාට නිවාඩුව ගත කරන්න වෙන්නේ තනියම තමා"

" හෝම්ස්..! ඔබ කොහොමද දන්නේ මම නිවාඩුවකට, ආ බව ?"

" මිට කලින් මම ඒකට උත්තර දිලා තියනවා වොට්සන්,'
පැවසු ඔහු ඉක්මනින් හැද-පැලද ගත්තේ නම් වැදගත් පුද්ගලයකු හමුවිමට යාමට විය යුතුය.

..................මතු-සම්බන්ධයි...............

0 comments(පුරොකතනය) :

Post a Comment

[ පෙමක මහිමය ]

 
Copyright © 2014. Sherlock - සියළුම හිමිකම් ඇවිරිණි | 4t ප්‍රකාශණ| මෙම ප්‍රකාශණය නොමිලෙ බෙදාහැරි අතර උපැටාගැනිමක් කිරිමට තරම් අකාරුණික නොවන්න| තුසිත තියුෂාන්ගේ බෙදාහැරීමකි!