යාන්තමට හෝ අපරාධ ගනයට දැමිය හැකි පුවතක් ඩේලි ග්‍රෆ්ට් පත්‍රයේ පලවි තිබුණි, එහි යම් පුද්ගලයකු සොයා දෙන ලේස තිබුණි.
කේසේ වුවත් පත්‍රය පුරාවටම රජයේ ප්‍රධාන දේශපාලනික අපරාධ කරුවන් නම් යම් යම් මත පිටු පුරා පල කර තිබුණි.
මේවා කියවිමට නම් එම ප්‍රකාශය කල පුද්ගලයා වත් කැමතිදැයි සැක සහිතය. සියලුම පත්තර උඩින් පල්ලේන් කියවා පැත්තකට
විසිකර දමා මා පුටු ඇන්දට හෙත්තුවි කල්පනාවට වැටුණි.
මේසේ කාලය ගෙවා දැමිම ඉතා අපහසුය. නැවත රොගින් බැලිමට යාමට සිත් විය. එත් එයත් දැන් නිරස වී ඇත්තේ පැමිනේණ බොහෝ රොගින්ට
ඇත්තේ ආසන්න වශයේන් වෙනස් රොග තුන හතරකි. බොහෝ විට එකම බෙහෙත් වර්ග එවාට දිමට සිදුවේ. ඉලගට එන රෝගියාටද කලින්ම බෙහෙත්
නියම කල හැක. හොම්ස් නොසිටින්නට, මා එකම දේ සිතිම නිසා මගේ මොලේ ක්‍රියාකරිත්වය අඩ පණ විමටද ඉඩ ඇත.
මට ඉදිරි පස බිත්තියේ එල්ලා තිබුනේ හොම්ස්ගේ සෙවාදායකයකු විසින් ඔහුට ලබා දුන් ඉතා වටිනා බිතුසිතුවමකි. මෙම සිතුවමට බොහොවිට
යොදා තිබුනේ තද දුඹුරු පැහැය හා කළු පැහැය පමණි. හොම්ස්ගේ මම නොදැකපු පැත්තක් මම දැක්කේ මෙම පරික්ෂණයෙදි ය.
එම පරික්ෂණයේ කටු සටහන් පොත නැතිවි ඇති නිසා මට එය තවමත් ඔබ හමුවට ගෙන ආ නොහැකිය.
මම හෝම්ස් සමඟ මෙතරම් කාලයක් ජිවත් වෙලත්, මා හට තවමත් හරි ආකාරව නිරික්ෂණයකින් නිගමනයකට ආ නොහැකි විය. අප දෙදෙනාම දකින්නේ එකම දේය එත්...
ඔහු නිගමන වලට එන ආකාරය පුදුමාකාරය මේසේ නිගමන වලට එන්න නම් එවායේහි යම් අත්දැකිමකුත් තිබිය යුතු බව හෝම්ස් මට දිනක් කියා, ගිය බව මතකය.
එය නම් ඒක අතකින් සැබැවකී. හොම්ස්ට කොතරම් අත්දැකිම් ඇද්ද ? එත් ඔහුට අත්දැකිම් නැති විෂයන් ඔහු දන්න විෂයේන් පෙළ ගස්වා උපක්ල්පන මගින් නිවැරදි නිගමනයට එන්නේ ඉන්ද්‍රජාලියකු මේනි.
කාලය කා දැමිම ඉතා අපහසුය, නැවතත් ඩෙලි ග්‍රෆ්ට් පත්‍රය ගෙන එය කියවන්නට විය. එහෙන් මෙහෙන් පත්ත්‍රය පෙරාළුවේ හැගිමකින් නම් නොවේ,
හෝම්ස් ගේ පයිප්ප රාක්කයේ, විශේෂ අසුරනය තිබුනේ පහලින්මය. එහි ඉතා වටිනා පයිප්පයක් විය.
එය ඉවතට ගෙන කැලි දුම්කොල වලින් සුවල්පයක් පුරවා ගත්තේය. සැනසුම් සුසුමක් සමග මා හාන්සි පුටුවට බරවුණි.
එකවරම කවුරුන් හෝ දෙදෙනෙකු තරප්පුපෙළ නැග එන හඬ ඇසුණි. අශ්ව කුර ගැටෙන්නාක් මෙන් තරප්පු පෙළ දෙවනක් කරගෙන මෙ එන්නේ නම් කාන්තාවන්ම දෙදෙනෙකු විය යුතුය.
එක්නෙක් හඩ්සන් නම් අනේකා අනුග්‍රහයිකාවක් විය යුතුය, මා එසේ සිතා ගත්තේය.
මහත් පුදුමයකි මා සිතු දෙය හරියටම හරිය. එ පැමිණි දෙදෙනාම කාන්තාවන් එක්නේක් හඩ්සන්,
අනේකා ....නමුත් එය එතරම් හොද නිරික්ෂනයක් නොවන බව මට හැගුනි. එතන නිරික්ෂණය කිරිමට දෙයක් නොතිබිණි.
ඇයට අසුන් ගැනිමට සුපුරුදු අනුග්‍රහක ආසනය පෙන්වු මා හොම්ස්ගේ පුටුවේහි හිද ගත්තේය.
මා ඇයට තම පුටුව ගිණි උදුන දෙසට ඇදගන්නා ලෙස හැගවිය. ඇය එය අනුගමණය කළේය. මෙදෙස ටික වෙලාවක් බලාසිටි හඩ්සන් මෙනවිය පිටවි ගියේය.
0 comments(පුරොකතනය) :
Post a Comment