Home » » [ පෙමක මහිමය ] - තෙවන කොටස

[ පෙමක මහිමය ] - තෙවන කොටස


     පසු දින අවදිවන විට 10 පමණ වි තිබුණි. ඒ වන විටත් හඩ්සන් මෙනවිය උදේ ආහාරය පිළියල කර තිබුණි. උදේ කොපි පානයේන් පසු ඇගට යම්තම් ප්‍රබොදමත් ගතියක් දැනුණේය.
     හොම්ස් හුඟ කාලේකින් ජනේල් පියන් විවෘත කර නොතිබුණා විය හැක. කාමරයේ පුස් ඟද තරමක් ඉවසිම අපහසු විය පෙර දින මට මෙය නොදැණුනේ මන්ද?, මා දවසක් මෙහි ගත කර නිසා නාසය මෙයට හුරුවි තිබිය යුතුය. එත් එය එසේ නොවුනි මගේ අවදානය අඩු නිසා මෙය වෙන්නට ඇත,
මෙසේ සිතමින් මා ජනේල් කවුලු විවෘත කළේය. බේකර් විදියේ තිබුනේ දැඩි නිහඩියාවකි...  කාමරය දෙස බලා සැනසුම් සුසුමක් හැරියේය.
සෙවක ළමයා පැමිණ ගොස් ඇතිබව මා දුටුවේ එවිටය ඔහු එදින පත්තර මිටිය හොම්ස්ගේ මෙසය මතින් තබා ගොස් තිබුණි. එ අසල ගොඩ ගැසි තිබු විශාල පත්තර මිටිය බිම පෙරළි තිබුණි ඒ සෙවක ළමයා අතින් බව නම් නිසැකය. එකවරම දොර හැරගෙන කවුරුන් හෝ කාමරයට පැමිණියේය.
මම උඩ විසිවි ගියේය. හැරි බැලු මට දැක ගැත හැකි වුයේ ජිම් නම් සෙවක ළමයාය . ඔහු තරමක් ත්‍රස්ත වි සිටි අතර කුමක් හො කිමට තැත් කලේය. මම ඔහුට හිදගන්නා මෙන් ආයාචණා කලද ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

' ම්..එ මේ මේ..,

"ඔව්, 'කියන්න ජිම්' මොකද්ද ප්‍රශ්නේ?

"මම මේ .. මගේ අතින් තමයි අර ටික පෙරළුණේ. මම ඇතුලට ආපු එකට සමාවෙන්න මම පත්තර හඩ්සන් මෙණවියට දුන්නා එතුමිය මට කිව්වා වොට්සන් මහත්මයා ඉන්නේ කම්මැලි කමින් පත්තර ඇතුලටම ගිහින් දෙන්න කිය....."

"හරි හරි' ජිම් දැන් ආවේ ඇයි?

" මම ඉස්සලා ඉක්මනට ගියේ මට වෙලා යන හින්දා, එත් මම ඇවිත් මෙක හදන්න තමා ආ'..

"අනේ ජිම් ඔක විතරක් අස්කලා කියලා මේ කාමරෙට අමුතු එළියක් එන්නේ නැ, ඔයා අවේ එකට නම් ඔයා දැන් යන්න" ඔහු පිටවි ගියේය.
   නැවතත් නිහඩියාවකි. යන්තම් හෝ මෙ නිහඩියාව බින්දේ බෙකර් විදියේන් නැගේන රිද්මයානුකුල අශ්ව කුර ගැටෙන ශබ්දයයි. පත්තර වලද එතරම් විෂේශත්වයක් ද නොවුණි,

"අනේ මන්දා මිනිස්සු අපරාධ කරන එක නවත්තලා වත්ද ? මා මට කියා ගත්තේය.

හොම්ස් පවසන විදිහට නම් "මේ ලෝකේ පවතිනවා නම් අපරාධ තිබිය යුතුය. අපරාධ නැත්නම්' මේ ලොකේ පැවත්මකුත් නැත,"

 "මිනිසුන්ගේ සමතුලිතතාවය රැකෙන්න නම් අපරාධ තියෙන්න ඔන වොට්සන්! අපි නොදන්නවා වුනාට සැම තප්පරයකම මේ ලොකේ
කොහේ හරි මිනිහේක් මැරෙනවා කොහේ හරි කෙනේක් ඉපදෙනවා, ඒ වගේ තමා අපරධත් කොහේ හරි එකක් විසදෙන කොට කොහේ හරි එකක් පටන් ගන්නවා."
මෙක තමා වොට්සන් ලොකේ ස්වාභවය. ඔබ කියන්නැහේ මේ ලොකේ ගොලාකාර වෙලා තියෙන්නේ, මේ හැම දෙයක්ම චක්‍රාකර නිසා වොට්සන්,"

මෙවන් අපබ්බ්‍රන්ස හොම්ස් නිතරම මට කියන්නේ නැත, ඔහුට පරික්ෂනයක් නොලැබුනු විට කොපයේන් මෙම වදන් ගිගුලන හැටි මගේ කන් වල තාමත් රැවු පිලි රැවු දෙන්නේය.

0 comments(පුරොකතනය) :

Post a Comment

[ පෙමක මහිමය ]

 
Copyright © 2014. Sherlock - සියළුම හිමිකම් ඇවිරිණි | 4t ප්‍රකාශණ| මෙම ප්‍රකාශණය නොමිලෙ බෙදාහැරි අතර උපැටාගැනිමක් කිරිමට තරම් අකාරුණික නොවන්න| තුසිත තියුෂාන්ගේ බෙදාහැරීමකි!